Golden Awards තරු පහේ සම්මානයෙන් රොෂෙල් මෑන් පවර් ඒජන්සි පිදුම් ලබයි

0
49

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා නියෝජිතායතනයක් වන රොෂෙල් මෑන් පවර් ඒජන්සි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය The Golden Awards 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී තරු පහේ සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දැක්වූ විදේශ රැකියා නියෝජිතායතන ඇගැයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී රොෂෙල් මෑන්පවර් ඒජන්සි කළමනාකරණ අධ්‍යක්ෂිකා නදීෂා දිල්රුක්ෂි මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී.

“සුදුසු පුද්ගලයා සුදුසු රැකියාවට සුදුසු අවස්ථාවේදී තෝරා ගැනීම – To Choose the Right Person for the Right Job at the Right Time” යන තේමාව ඔස්සේ කටයුතු කරන, 216/1/1 හිල් වීදීය, දෙහිවල යන ලිපිනයේ පිහිටි 2925 දරන ලියාපදිංචි අංකය සහිත රොෂෙල් මෑන් පවර් ඒජන්සි ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට යුරෝපීය රටක් වන රුමේනියාවේ රැකියා අවස්ථා උදා කර දෙන අතර වර්තමානයේදී 3500කට අධික පිරිසක් රොෂෙල් මෑන් පවර් ඒජන්සි හරහා හෝටල්, ඉදිකිරීම්, ඇඟළුම් ආදී ක්ෂේත්‍ර රැසක රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

ඉහළ වැටුප් සහ පහසුකම් සහිත රැකියා අවස්ථා පවතින රටක් වන රුමේනියාවට යෑමට ශ්‍රී ලාංකිකයන් වැඩි කැමැත්තක් දක්වන අතර එම අවශ්‍යතාව ඉහළම විශ්වාසයක් සහ වගකීමක් සහිතව, කාර්යක්ෂමව ඉටු කර දීම රොෂෙල් මෑන් පවර් ඒජන්සිහි අපේක්ෂාවයි.

“අපගේ නියෝජිතායතනය හරහා විදේශ ගත වන ශ්‍රී ලාංකිකයන්ට සාධාරණ හා හෘදයාංගම සේවාවක් සැපැයීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. මේ ජයග්‍රහණය හිමි කර ගැනීමට දායකත්වය දැක්වූ ආයතනයේ කාර්යය මණ්ඩලයටත්, නිරන්තරයෙන් අප කෙරෙහි විශ්වාසය තැබූ අපගේ වටිනා පාරිභෝගිකයන් සැමටත් මාගේ කෘතඥතාව පළ කරනවා.” නදීෂා දිල්රුක්ෂි මහත්මිය පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here