දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට යයි

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟත්වය පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකගතාව පළ වූ බවයි. ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණ වුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සහ බෑග් නිෂ්පාදකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා කියා සිටියේ ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල ඩොලරය අවප්‍රමාණය වූ අවස්ථාවේ දී පහළ නොගිය බවයි. මේ තත්ත්වය හේතුවෙන් මාපියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කියා සිටි අමාත්‍යවරයා සඳහන් කළේ මිල අඩු නොකරන්නේ නම් වෙනත් විකල්ප කරා යාමට රජයට සිදු වන බවයි.

බෑග් සහ සපත්තු දැනට ආනයනය තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බැවින් දේශීය නිෂ්පාදකයන්ට විශාල වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එබැවින් හැකි අවම මිලක් යටතේ සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. අදාළ ඉල්ලීම සැලකිල්ලට ගත් ව්‍යාපාරිකයන් මිල පහත හෙලීමට හැකි බව සඳහන් කළ අතර එක කුමන ප්‍රතිශයකින් පහත හෙලන්නේ ද යන්න පිළිබඳ මැයි මස 23 දා නිල වශයෙන් දැනුම් දෙන බව ද සදහන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles