එයාර්ටෙල් ඩයලොග් සමඟ එක්වෙයි

Bharti Airtel Lanka (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසන්නේ, අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. එසේම යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන සහ කොටස් හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles