ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 523කින් පහළට

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ දී එක්සත් ජනපද ඩොලර් 3,474 ක් ලෙසින් සටහන් වී ඇත. 2021 වසරේ දී මෙම අගය ඩොලර් 3,997 ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ දී ඩොලර් 523 කින් අඩු වී තිබෙනවා.

කෙසේවෙතත් රුපියල් වටිනාකම අනුව ඒක පුද්ගල ද.දේ.නි. 2021 වසරේ දී පැවති රු. 794,376 ට සාපේක්ෂව, 2022 වසරේ දී රු. 1,088,667 ක් දක්වා වර්ධනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

රුපියල් වටිනාකම අනුව ඒක පුද්ගල ද.දේ.නි.හි ඉහළ යෑම සඳහා පවත්නා මිල අනුව ද.දේ.නි.හි දක්නට ලැබුණු වර්ධනය බලපාන ලද අතර, එ.ජ. ඩොලර් අගය අනුව ගණනය කරන ලද ඒක පුද්ගල ද.දේ.නි. අඩු වීම කෙරෙහි එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles