ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 අප්‍රේල් මාසය තුළ දී 2.2% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මහ බැංකුව පවසන පරිදි 2023 මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 2,694 ක්ව පැවති නිල සංචිත වත්කම් අගය 2023 අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 2,755 ක් දක්වා 2.2%කින් ඉහළ ගොස් ඇත.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 2,629 සිට ඩොලර් මිලියන 2,691 ක් දක්වා 2.4%කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරනවා.