කෙන්යාවේ දැවැන්ත තේ වැවිලි සමාගමක අයිතිය ශ්‍රී ලංකාවේ සමාගමකට

තේ, කෝපි සහ උද්භිද විද්‍යාත්මක අමුද්‍රව්‍ය සහ විසඳුම් සපයන ලොව ප්‍රමුඛ පෙළේ ගෝලීය සැපයුම්කරුවෙකු වන Finlays, එහි James Finlay Kenya තේ වැවිලි ව්‍යාපාරය Browns Investments PLC වෙත විකිණීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඉදිරි මාස කිහිපය තුළ මෙම ගනුදෙනුව සිදුකොට අවසන් කිරීමට නියමිතය. එහිදී James Finlay Kenya Ltd හි Saosa තේ නිස්සාරණ අංශය හැර සමාගමේ සියලු කොටස් Browns Investments PLC වෙත අලෙවි කෙරෙනු ඇති.‍

මෙය Browns Investments PLC විසින් කෙන්යානු තේ කර්මාන්ත අංශය තුල සිදුකරනු ලබන පළමු ආයෝජනය වේ. මෙහිදී James Finlay Kenya Ltd හි 85%ක කොටස් හිමිකාරීත්වය Browns Investments PLC විසින් මිල දී ගැනීමට නියමිතයි.

මීට පෙර 2021 දෙසැම්බර් මාසයේ දී Finlays හි ශ්‍රී ලංකාවේ තේ වතු ව්‍යාපාරය අත්පත් කර ගැනීමට ද Browns Investments PLC කටයුතු කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles