කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ දී එයාර් ඉන්දියා ගුවන් යානයක් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රමාද වූ පුවතක් වාර්තාවනවා.
මීට හේතු වී ඇත්තේ අදාළ ගුවන් යානයේ ස්කයි මාර්ෂල්වරයා (Sky marshal) යානයෙන් පිටත සිට සිය රාජකාරි ගිනි අවිය ද සමඟින් ගුවන් යානයට ගොඩවීමට උත්සාහ දැරීමයි.
මේ හේතුවෙන් ගුවන් තොටුපල ආරක්ෂක අංශ මගින් අදාළ ස්කයි මාර්ෂල්වරයා රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබේ.
පසුගිය මැයි 06 වන දා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ සිට චෙන්නායි දක්වා ගමන් කිරීමට තිබූ AI 272 දරණ ගුවන් යානය පිටත් වීමට මිනිත්තු කිහිපයකට පෙර මෙම සිදුවීම සිදුව ඇත.
ගුවන් යානයක ස්කයි මාර්ෂල්වරයාට සිය ගිනි අවිය ගුවන් යානයෙන් පිටතට ගැනීම සපුරා තහනම් වන අතර ඔහුට යානයෙන් පිටතට යාමට අවශ්‍ය නම් ගිනි අවිය යානයේ ප්‍රධාන නියමුවාට භාරදිය යුතුවේ.
කෙසේවෙතත් මෙම ගුවන් යානයේ ස්කයි මාර්ෂල්වරයා සිය උණ්ඩ පිරවූ ගිනි අවිය ද සමඟින් සංක්‍රමණ මගී පර්යන්තය (Transit Passenger Terminal හරහා ගුවන් යානයට ගොඩවීමට යාමේ දී මෙලෙස ගුවන් තොටුපල ආරක්ෂක අංශ භාරයට පත් වී තිබේ.
මෙවැනි සිදුවීමක දී අදාළ සිද්ධිය සිදු වූ රට තුළ දී ස්කයි මාර්ෂල්වරයාට නීතිමය ආකාරයෙන් පියවර ගත හැකි වුවත්, රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් අනතුරුව එම සිදුවීම සමථයකට පත් වී ඇති බව වාර්තා වේ.
ගුවන් යානා තුළ සිටින ආරක්ෂක නිලධාරීන් ලොව පුරා ගුවන් සමාගම් කිහිපයක දීම දැකගත හැකිය. 1999 වසරේ දී නේපාලයේ කත්මණ්ඩු නුවරදී Indian Airlines ගුවන් සේවයට අයත් IC 814 දරණ ගුවන් යානය පැහැර ගැනීමත් සමඟ ඉන්දිය ගුවන් යානාවල ආරක්ෂාව තර කිරීමට එරට රජය විසින් තීරණය කර තිබුණි.
එතැන් සිට, පැහැරගැනීම් සහ ප්‍රාණ ඇපකාර තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා මනා ලෙස පුහුණු කරන ලද ජාතික ආරක්ෂක බලකා කමාන්ඩෝ භටයින්, බලධාරීන් විසින් සංවේදී යැයි සලකනු ලබන ඇතැම් ගුවන් මාර්ගවල ස්ථානගත කිරීමට පියවර ගෙන ඇත. ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් නොව ඉන්දියාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන්වල දී පවා ඇතැම් විට මෙලෙස ස්කයි මාර්ෂල්වරුන් යොදා ගන්නා අවස්ථා වාර්තා වේ.