ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉන්දියාවේ ‘ටාටා සමාගම’ට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බවත් එම සාකච්ඡා ආරම්භ අවස්ථාවේ ඇති බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සදහන් කර තිබෙනවා.
ඉන්දියාවේ දැවැන්තම ව්‍යාපාර සමූහයක් වන ‘ටාටා සමාගම’ එයාර් ඉන්දියා සමාගම ඇතුළු ගුවන් සමාගම් කීපයක ව්‍යාපාර කටයුතු මේ වන විටත් පවත්වාගෙන යන බවත් එම සමාගම ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳව අවදානයෙන් පසු වන බවත් එම නිලධාරියා සඳහන් කර ඇති බවටයි අනාවරණය වන්නේ.
ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉදිරියෙන්ම සිටින අතර එම සමාගම ප්‍රතිවූ්‍යහගතකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.