Accredited Advertising Agencies Association (4As) සංගමයට අයත් ශ්‍රී ලංකා සංසදයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී (AGM) 2023/2024 වර්ෂය සඳහා නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පසුගිය දා සිදු කෙරුණා.
එම සංවිධානයේ නව නායකත්වය මගින් ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ 4As සංවිධානය පුනර්ජීවනය කිරීම අපේක්ෂාවයි.
විවිධ වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර ඔස්සේ කීර්තියට හා පැසසුමට ලක් වී සිටින, එමෙන් ම දිනෙන් දින වෙනස් වන මෙම ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් සහ අත්දැකීම් සහිත 4As වෘත්තිකයින් කණ්ඩායම ශ්‍රී ලංකාවේ දිනෙන් දින විකාශනය වන වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ සිදු වන නව්‍යකරණයන්ට සාර්ථකව අනුවර්තනය වෙමින් කටයුතු කරයි. අභිනවයෙන් පත් වූ නව 4As නිලධාරී මණ්ඩලය වන්නේ සභාපති ඇලන් ලෝපෙස්, උප සභාපති ඇල්වින් ගෝමස්, උප සභාපති සෙලෝනිකා පෙරුමාල්, ප්‍රධාන ලේකම් නතාෂා මාර්ටින් හා භාණ්ඩාගාරික සුබෝධා පිළිමතලව්වේ යන නිලධාරීන් සහ ක්‍රිෂාන්ත ජයසිංහ, දිල්ෂාර ජයමාන්න, වරුණි ජයසේකර, වසම් ස්මයිල් සහ අහමඩ් ටී. හසන් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් අධ්‍යක්ෂ මණ්ඩලයයි. වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් වැඩිදියුණු කරමින් එම ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා කැපවන 4As නව නිලධාරී මණ්ඩලය ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රචාරණ සහෝදරත්වයට නායකත්වය ලබා දෙමින් බල ගැන්වීමට සූදානමින් සිටී.