ලෝක බැංකු ලොක්කෙක් ඇමති කංචන හමුවෙලා

දිවයිනට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ විධායක අධ්‍යක්ෂ (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව) පරමේස්වරන් අයියර් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී විදුලිබල හා බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය සහ සැලසුම් පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ, අක්වෙරළ සුළංබල අධ්‍යයන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජාල සම්බන්ධතා සහ ගාස්තු සම්බන්ධ කටයුතු වෙනුවෙන් ලබා දුන් සහාය සඳහා ලෝක බැංකු කණ්ඩායමට ස්තුතිවන්ත වන බවයි.

මේ අතර පුනර්ජනනීය බලශක්ති සහ ආංශික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලබා දෙන සහාය සහ ප්‍රතිපත්ති මූල්‍යාධාර සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකාවේ ලෝක බැංකු නේවාසික කළමනාකරු Faris Hadad සහ IFC නේවාසික කළමනාකාරු Alejandro Alvarez de la Campa යන මහත්වරු ද මේ අවස්ථාවට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles