“නව ඉම් තරණය” | ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුවක් ශ්‍රී ලංකාවේ දී

ශ්‍රී ලංකාවේ වත්මන් හා අනාගත ඛනිජ කර්මාන්තය තුළ යෙදෙන සියලුම කොටස්කරුවන්ට වේදිකාවක් සැපයීමේ අරමුණින් “නව ඉම් තරණය” නමින් ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුව, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලාංකික ඛනිජ කර්මාන්තය සඳහා ගෝලීය සන්නාම වටිනාකමක් ගොඩනැගීම සහ මහා පරිමාණ ආයෝජන හා ආර්ථික අවස්ථා ඇති කර ගැනීම, එහි අපේක්ෂාවයි.

ඒ අනුව, යෝජිත ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුව, ආයෝජන සංසදය හා ප්‍රදර්ශනය 2023 ඔක්තෝබර් මාසයේදී පැවැත්වීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles