ජපන් ගිය ජනපතිගෙන් සුබ ආරංචියක්

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් සදහන් කළේ අදාළ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලසීමාවේදී නිම වෙතැයි බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් පසුගිය මාර්තු මාසයේදී ලබාගත් අතර ඒ අනුව සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය සැකසිය යුතුයි.

එසේ නොවුණහොත් ආර්ථිකය නැවතත් යථාතත්ත්වයට පත්වීම පමාවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පවසා ඇත්තේ ජපාන අගමැති ෆුමියෝ කිශිදා සමග අදහස් හුවමාරුවක් සඳහා සූදානම් වෙමින්.

එම හමුව ටෝකියෝ නුවර පිහිටි ජපාන අගමැතිවරයාගේ කාර්යාලයේදී පැවැත්වුණා.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා හොඳින් ඉදිරියට යනවා,” යයි ජනාධිපතිවරයා පවසා තිබෙනව්ව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles