ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, ආර්පිකෝ රක්ෂණ සමාගම, 2023 පළමු කාර්තුව තුළ දළ ලිඛිත වාරික ආදායමෙහි (GWP) 19.5%ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් වුණා.
එය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ එම කාර්තුවෙහි පස්වැනි ඉහළම වර්ධනය වීම විශේෂත්වයක්.
රු. මිලියන 226කට අධික අගයක් සනිටුහන් කරමින් සමාගමේ සමූහ ජීවිත රක්ෂණ ඉතිහාසයේ ඉහළම දළ ලිඛිත වාරික ආදායම සමාලෝචිත කාර්තුව තුල වාර්තා කරන ලද අතර, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දෙවන ඉහළතම ව්‍යාපාර පරිමාවද ළඟාකරගැනීමට ආර්පිකෝ රක්ෂණ සමාගම සමත්විය. මීට අමතරව, සමාගමේ වෙළඳපොළ හිමිකාරීත්වයෙහි කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා.
රක්ෂණ ඔප්පු හිමියෙකුට සිය ප්‍රධාන ජීවිත රක්ෂණ ඔප්පුවට අමතරව ඒ් සදහා එක්කරගත හැකි අතිරේක ආවරණ (Riders) අලෙවියෙහි සිදුවූ සුවිශේෂි වර්ධනය හේතුවෙන්, සමාගමේ අතිරේක ආවරණ අනුපාතය (Rider Attachment Ratio) 50%ක් ඉක්මවන, කැපීපෙනෙන අගයක් ලඟාකරගෙන තිබෙනවා.
වඩාත් අංගසම්පූර්ණ ආවරණයක් සැපයීමෙහිලා ඉවහල්වන මෙම අතිරේක ආවරණ මගින් ‘ජීවත්වන්නන් සදහා රැකවරණය’ යන තේමාපාඨය වඩාත් ත්‍රීවුර ලෙස ක්‍රියාවට නැංවෙනවා.
වසර 90ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් සාර්ථක ලෙස විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක්වන Richard Pieris & Company PLC හි අනුබද්ධිත ආයතනයක් වන ආර්පිකෝ ඉන්ෂුවරන්ස් යනු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන විශාලතම ජීවිත රක්‍ෂණකරුවන් 10 දෙනා අතර සිටින ගෞරවනීය ජීවිත රක්‍ෂණ සමාගමක්.
සැමට ජීවිත රක්‍ෂණ ලබාදීමට කැපවී සිටින එම සමාගම, පරිත්‍යාග රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ, කාලීන රක්ෂණ, අධ්‍යාපන සැලසුම්, ආයෝජන සැලසුම්, විශ්‍රාම සැලසුම්, සමූහ රක්ෂණ, ණය ආරක්ෂණය සහ සහන සැලසුම් වැනි රක්‍ෂණ විසඳුම් රැසක් ඉදිරිපත් කර තිබෙනවා.