ජෝන් කීල්ස් සමූහයට අයත් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම මගින් ක්‍රියාත්මක කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life Integrated Resort සඳහා ඉදිරියේදී එකතු වන සූදු ක්‍රීඩා ඉසව් මෙහෙයවීම සඳහා සුදුසු ජාත්‍යන්තර සූදු ක්‍රීඩා මෙහෙයවන්නන් තෝරා ගැනීම මේ වන විට සිදු කරමින් පවතින බව එම සමූහය පවසනවා.
පසුගියදා එම සමාගම මගින් එළිදැක්වුණු 2022/23 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව තුළ එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා තැබූ සටහනක මේ පිළිබඳව සඳහන්.
ඒ අනුව දැනටමත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සූදු ක්‍රීඩා මෙහෙයුම්කරුවන් සමගින් සාකච්ඡා කිහිපයක්ම සිදු කර ඇතැයිද ඒ මහතා මෙහිදී පවසා තිබුණා.
මෙහිදී 2022 වසරේ අගෝස්තු මාසයේදී රජය මගින් සූදු ක්‍රීඩා නියාමනය පිළිබඳව නිකුත් කළ ගැසට් පත්‍රය අනුව මෙම කටයුතු සිදු කෙරෙමින් පවතින බවද සමාගම සඳහන් කරනවා.
මෙම Cinnamon Life Integrated Resort තුළ කැසිනෝ ක්‍රීඩාව සඳහා අවස්ථාව ලබාදීමක් සම්බන්ධයෙන් 2020 වසරේදී රජය සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම අතර සාකච්ඡාවක් පැවැත්වුණු බවටත් මාධ්‍ය වාර්තා පළ වුණා.
මෙලෙස ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සූදු මෙහෙයුම්කරුවන් හා පවත්වන සාකච්ඡාවලින් Cinnamon Life Integrated Resort වෙත සුදුසු ජාත්‍යන්තර සූදු ක්‍රීඩා පිළිබඳ විශේෂඥයන් ලබා ගත හැකි වෙනු ඇතැයි සමාගමේ විශ්වාසය වී වී තිබෙනවා.
මෙහිදී එම පාර්ශ්වයන් විසින් තවත් කටයු රැසක්ම සිදු කළ යුතුව ඇති බවත්, ඒ යටතේ අංගසම්පූර්ණ පරිශ්‍රය නැරඹීමේ අවස්ථාවක්, ව්‍යාපාරික හැඩය සහ මෙහෙයුම් ආදර්ශය පිළිබඳව ඇගයීමක්, අවශ්‍යතාවන් සපිරීමක් යනාදියද ඇතුළත්.
විශේෂයෙන්ම කලාපය තුළ පිහිටුවා ඇති මේ හා සමාන වූ සියල්ල ඒකාබද්ධ කෙරුණු නිකේත තුළ සූදු ව්‍යාපාරික කටයුතු සිදු කරන ආකාරයෙන්ම Cinnamon Life Integrated Resort හිදීද වඩාත් සාර්ථක ලෙස එම කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් මෙලෙස ජාත්‍යන්තර සූදු ක්‍රීඩා විශේෂඥයන් වෙත යොමුවන බවත් ජෝන් කීල්ස් සමූහය පවසනවා.
ඒ අනුව මෙම සූදු ක්‍රීඩා සඳහා Cinnamon Life Integrated Resort හි අවකාශයක් කල්බදු පදනම මත ලබාදීම සැලසුම වී තිබෙනවා.
එහිදී වෙනත් තෙවැනි පාර්ශ්වයක් මෙම සූදු ක්‍රීඩා මෙහෙයුම් සඳහා ආයෝජනය කරනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.
එමෙන්ම මෙම සාකච්ඡාවලට අනුව එවැනි සමාගමක් සමගින් ඇති කරගන්නා එකඟතාවක් පිළිබඳ අවසන් තීරණයකට පැමිණීම සඳහා මාස 12ත් 15ත් අතර කාලයක් ගත වනු ඇතැයිද සමාගම පවසනවා.
Cinnamon Life Integrated Resort හි ඉදිකිරීම් සාර්ථකව සිදු කෙරමින් පවතින බවත් සභාපතිවරයා සදහන් කාළා.
හෝටල්, සිල්ලර සහ විනෝදාස්වාදන ප්‍රදේශවල ඉදිකිරීම් අවසන් අදියරේ පවතිනවා.
එසේම හෝටල් කාමර තුළ ගෘහ අලංකරණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්, හෝටල් කාමර 500ක් දැනටමත් සම්පූර්ණයෙන්ම වැඩ නිමකර අවසන්.
Cinnamon Life Integrated Resort හි පිහිටි කඩසාප්පු කුලියට ලබාදීම සඳහා වන සාකච්ඡාද මේ වසර පුරා සිදු කෙරෙනු ඇති.
Cinnamon Life Integrated Resort ව්‍යාපෘතිය දියත් කිරීමත් සමගින්ම එය දකුණු ආසියානු කලාපය තුළ පවතින සංවර්ධනමය අවස්ථාවන් රැසක් විවෘත වනු ඇති බවත්, ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ඉල්ලුමට සහ විදේශ විනිමය ඉපැයීම් වෙත ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇති බවත් අපගේ විශ්වාසය වී තිබේ.”යනුවෙන්ද ජෝන් කීල්ස් සමූහයේ සභාපතිවරයා මෙහිදී සදහන් කළා.