ලොතරැයි ටිකට් පත් මිලේ වෙනසක්

අමාත්‍යාංශයෙන් ලද අනුමැතිය මත නුදුරේදීම සංවර්ධන ලොතරැයි ටිකට් පත් මිල දෙගුණයකින් පමණ වැඩි කිරීමට කටයුතු කරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා පවසනවා.

ඔහු මේ බව සදහන කළේ සංවර්ධන අභිමන් 2023 වැඩ සටහන යටතේ ක්‍රියාත්මකවන දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුවීම් මාලාවේ ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුවක් මැයි 28වනදා කටුනායක ඊගල් ලැගුන් හෝටල් පරිශ්‍රයේදි පැවති අවස්ථාවේදීයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා :

“පසුගිය කාලයේ කෝවිඩ් වසංගතය සමග උද්ගතවූසමාජීය හා ආර්ථික පරිහානියත් සමග රටේ සියලු ව්‍යාපාරයන්ට දැඩි බලපෑම් එල්ල වුණා.රට තුළ පෙර නොවූ අන්දමින් දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වුණා.රටත් ජනතාවත් දැඩි පීඩාවටඅසරණභාවයට පත්ව සිටි එවැනි අවස්ථාවක පවා අපගේ අලෙවි නියෝජිතයන් සංවර්ධන ලොතරැයි ව්‍යාපාරය අරක්ෂා කර ගැනීමට දැඩි කැපවීමකින් කටයුතු කළා.

අවුරුදු 40 කාලයක් පුරා සංවර්ධන ලොතරැයි මණ්ඩලයක් එක්ක සිටි අලෙවි නියෝජිතයන්ගෙන් වන සේවය කාටවත් නෙපෙනුණත් ඔවුන්ගෙන් රටටත් ජනතාවටත් විශාල යහපතක් සිදු වෙනවා.ළඟදීම සංවර්ධන ලොතරැයි ටිකක් පත් මිල දෙගුණයකින් පමණ වැඩි කරනවා.

2022 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය රුපියල් බිලියන 19 වාර්තාගත ආදායමක් වාර්තා කර තිබෙනවා.රුපියල් බිලියන 10 තෑගි මුදල් වශයෙන් ජනතාවට ලබාදී තිබෙනවා.බිලියන 03 ක මුදලක් බදු වශයෙන් රජයට ලබාදී තිබෙනවා.

දිනකට රුපියල් ලක්ෂ 22ක සංවර්ධන ලොතරැයි පත් අලෙවිය අද ලක්ෂ 36 දක්වා වැඩිවෙලා තිබෙනවා.අපි තීරණය කළා ජනාධිපති අරමුදලට,මහපොළ බාරකාර අරමුදලට මීට වඩා ශක්තිමත් දායකත්වයක් ලබා දෙන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles