මෙරට ප්‍රමුඛ පෙළේ ආයතනවල සන්නාම අවභාවිතා කරමින් විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව අනාවරණය වී තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ මෙම ජාවාරම්කරුවන් රූපලාවන්‍ය ආලේපන වර්ග, චොකලට්, බිස්කට් ඇතුළු නිෂ්පාදන රැසක් මෙරටට ව්‍යාජ ලෙස ගෙන්වන බවට තොරතුරු ලැබී ඇති බවටයි.
මේ සම්බන්ධයෙන් එම සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
මේ හේතුවෙන් තම සමාගම් මෙන්ම පාරිභෝගික ජනතාවද අනතුරට ලක්වන බවද ඔවුන් පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් මිලදී ගන්නා සියලුම වෙළඳ භාණ්ඩ පිලිබදව වඩාත් සුපරික්ෂාවෙන් සොයා බලා මිලදී ගන්නා ලෙසයි.
එවිට පාරිභෝගිකයිහට වඩාත් ඉහල ගුණාත්මක භාවයකින් යුතු භාණ්ඩ අත්දැකීම ලබාගත හැකිවනු ඇති.