ගලදාරි හෝටලයේ අයිතිය වෙනස් වෙයි | Radisson Hotels Asia Pacific Investments Pte

කොළඹ ගලදාරි හෝටලය සමඟ බහුජාතික සමාගමක් වන රැඩිසන් හොටෙල්ස් ‘Radisson Hotels Asia Pacific Investments Pte’ ගිවිසුමකට එළඹ තිබෙනවා.

ගිවිසුමට අනුව කොළඹ ගලදාරි හෝටලය ‘රැඩිසන් බ්ලූ හෝටල් ගලදාරි කලම්බු’ ලෙස නැවත නම් කරන බව සමාගමේ කොටස්කරුවන් වෙත නිවේදනයක් නිකුත් එහි කරමින් කළමනාකාරිත්වය සඳහන් කළා.

රැඩිසන් සමාගම විසින් ගලදාරී හෝටලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට ද භාරගෙන තිබෙනව බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඒ අනුව, සමාගම විසින් හෝටල් සංවර්ධන සේවා ගිවිසුමකට සහ හෝටල් කළමනාකරණ ගිවිසුමකට එළඹ තිබෙනවා.

වසර හතරක විරාමයකින් පසු කාමර 450කින් යුතුව ගලදාරි හෝටලය නවීකරණය කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles