පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ තීරණයේ වෙනසක්

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය ගෙන තිබූ තීරණය හදිසියේ අත්හිටුවා තිබෙනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ බලපත්‍ර ලාභීන්ට පමණක් තිරිගුපිටි ගෙන්වීමට අවස්ථාව ලබා දීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමට අනුව පාන් බනිස් මිල අඩු කිරීමට ඔවුන් මීට පෙර තීරණය කර තිබුණා.

බලපත්‍ර ක්‍රමය යටතේ තිරිඟු පිටි ගෙන්වීමට රජය ක්‍රියා කිරීමෙන් තිරිඟු පිටි සමාගම් දෙකකට පාරිභෝගිකයා ගසා කෑමට තවත් ඉඩ සලසා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles