මෙරට අයිස්ක්‍රීම් රසවතුන් අතර වේගයෙන් ජනප්‍රිය වන අයිස්ක්‍රීම් සන්නාමයක් වන අකින්රා අයිස්ක්‍රීම් සිය පාරිභෝගිකයන් වෙත තවදුරටත් සමීප වෙමින් හැටන් නැෂනල් බැංකුව ඉදිරිපත් කරන HNB SOLO ඇප් වැඩසටහන හා එක් වී තිබෙනවා.
ඒ අනුව මෙම HNB SOLO යෙදුම භාවිතා කරමින් අකින්රා අයිස්ක්‍රීම් මිලදී ගැනීමේදී, හඳුනාගත් අයිස්ක්‍රීම් නිෂ්පාදන තුනක් සඳහා එකකට එකක් නොමිලේ අයිස්ක්‍රීම් ලබාදීමේ (Buy one get 1 Free) ප්‍රවර්ධන වැඩසටහනක් අරඹා ඇතැයි අකින්රා අයිස්ක්‍රීම් පෞද්ගලික සමාගම නිවේදනය කළා.
ජූනි මාසය පුරා අංක 471, නව ගාලුපාර, මොරටුව යන ස්ථානයේ පිහිටි අකින්රා අයිස්ක්‍රීම් අලෙවි සැලේදී මෙම සුවිශේෂී රස වාසිය පාරිභෝගිකයන්ට අත්විදිය හැකයි.
මෙහිදී Akinra Chocolate Special, Akinra Mango Delight සහ Akinra Jelly with Ice Cream යන අයිස්ක්‍රීම් මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහනට අයත්.
100%ක් නැවුම් එළකිරිවලින් පමණක් නිෂ්පාදනය කරන අකින්රා අයිස්ක්‍රීම් ඉතාමත් කෙටි කලක් තුළ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වුණා.
HNB SOLO යෙදුම සමගින් එක්ව මෙම නව ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන අකින්රා අයිස්ක්‍රීම් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ලක්ෂිකා ප්‍රනාන්දු මහත්මිය, සදහන් කළේ “අපේ අකින්රා අයිස්ක්‍රීම් නිෂ්පාදන ඉතාමත් කෙටි කාලයකදී ජනතාව අතරට යාමට සමත්ව තිබෙනවා. එය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් අපි මේ විදියට HNB SOLO යෙදුම සමගින් එක් වුණා. මේ සඳහා අවස්ථාව ලබාදීම ගැන අපි හැටන් නැෂනල් බැංකුව වෙත අපේ ස්තූතිය පුද කරනවා.” යනුවෙන්.
කිසිදු කෘත්‍රිම වර්ණක හෝ කෘත්‍රිම රසකාරක නොමැතිව ස්වාභාවික රසයන් 60කින් සමන්විත අයිස්ක්‍රීම් නිෂ්පාදන ඉදිරිපත් කිරීමට අකින්රා සමත්වීම මේ දක්වා ලැබූ සාර්ථකත්වයේ රහසයි.
එසේම මෙරට අයිස්ක්‍රීම් ලෝලීන් වෙත කොත්තු අයිස්ක්‍රීම් අත්දැකීම හඳුන්වාදීමේ පුරෝගාමියෙකු ලෙසද අකින්රා අයිස්ක්‍රීම් සැලකෙනවා.
මෙලෙස අකින්රා අයිස්ක්‍රීම් නිෂ්පාදන සිය SOLO යෙදුම සමගින් සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන HNB SOLO හි අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිල්ෂාන් රොද්‍රිගෝ මහතා සදහන් කළේ “පසුගිය වසර දෙකක කාලය පුරා මමත් හොඳ අකින්රා අයිස්ක්‍රීම් රසවතෙක්. අකින්රා සතු එකිනෙකට වෙනස් රස වර්ග අතිශය සුවිශේෂයි. HNB SOLO සමගින් එක්ව මේ Buy one get 1 free ප්‍රවර්ධනය හරහා පාරිභෝගිකයන්ට වැඩි වැඩියෙන් අකින්රා අයිස්ක්‍රීම් රස විඳීමට අවස්ථාව සැලසේවි.” යනුවෙන්.
අකින්රා අයිස්ක්‍රීම් HNB SOLO යෙදුම සමගින් එක්ව ඉදිරිපත් කරන මෙම Buy one get 1 free ප්‍රවර්ධනය පිළිබඳව දුරකතන අංක 076 133 8604, 077 371 0931 සහ 077 073 4307 ඔස්සේ තවදුරටත් විස්තර දැන ගත හැකියි. එසේත් නැත්නම් Akinra ice cream ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න