KOKO Mobile APP හරහා ලංකා හොස්පිට්ල්ස් පර්යේෂණාගාර සේවාවන්වලට පොලී රහිතව පහසු ගෙවීමේ හැකියාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණාගාර සහ රෝග නිර්ණය කිරීමේ සේවය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් ආයතනය Lanka Hopitals Dignostics දකුණු ආසියානු කලාපයේ විශාලතම පහසු ගෙවීම්’ (Buy Now – pay later) දුරකතන යෙදවුම වන කොකෝ (KOKO Mobile APP) සමඟ සහයෝගීතාවයකට පසුගියදා එළඹියා.

කොකෝ ඇප් හරහා පාරිභෝගිකයින් හට පොලී රහිතව වාරික 3කින් තමන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවීමට හැකියාව ලැබෙන අතර කොකෝ හරහා මෙම පහසුව පාරිභෝගිකයින් හට ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු පර්යේෂණාගාර සේවාව ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික් (LHD) සේවාව වේ.

2020 වසරේදී ශ්‍රී ලංකාවේ දියත් කරන ලද කොකෝ ඇප් මෙරට විශාලතම විද්‍යුත් වාණිජ (e commerce) සමාගම වන ඩරාස් (Daraz) සමාගමේ සේවාවකි’ පශ්චාත් කොවිඩ් සමයේදී කොකෝ සේවාව විශාල වශයෙන් ජනප්‍රිය වූ අතර එයට මූලික

හේතුව වූයේ පාරිභෝගිකයින්ට භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදී දින 60ක කාල සීමාවක් ඇතුළත වාරික 3කින් පොලී රහිතව ගෙවීමට අවස්ථාව ලැබීමයි. එමෙන්ම කොකෝ ඇප් සේවාව ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් මෙන්ම ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහාද විවෘත වීම නිසා කෙටි කාලයක් තුළ මෙම සේවාව අතිශය ජනප්‍රිය වී ඇත. වර්තමානය වන විට දිවයින පුරා විසිරුණු ආයතන 2000කට අධික ප්‍රමාණයක් සහ පාරිභෝගිකයින් 500,000කට අධික ප්‍රමාණයක් කොකෝ ඇප් සමඟ සම්බන්ධව සිටී.

‘ලංකා හොස්පිටල් පර්යේෂණාගාර සේවාව අති නවීන තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ පර්යේෂණාගාර සේවාවක් ශ්‍රී ලාංකිකයින්ට ලබා දීමට කැප වී සිටිනවා. නිරවද්‍ය පර්යේෂණාගාර වාර්තා හරහා රෝග නිර්ණය සඳහා වැදගත් තොරතුරු විශ්වසනීයව ලබා ගැනීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම හැකි විය යුතු බව අපි විශ්වාස කරනවා. ඒ නිසා නව්‍යකරණය අපට ඉතාම වැදගත්. ලංකා හොස්පිටල් පර්යේෂණාගාර සේවාව සහ කොකෝ ඇප් සහයෝගීතාවය නව්‍යකරණය හරහා සියලු ශ්‍රී ලාංකිකයින්ට දැරීය හැකි මිලකට උසස් තත්ත්වයේ පර්යේෂණාගාර සේවාවන් සැපයීම සඳහා වන අපේ කැපවීම සනාථ කරනවා” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල් පර්යේෂණාගාර ප්‍රධානී වෛද්‍ය ගීතානී ගලගොඩ මහත්මිය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles