යුනිලීවර් ශ්‍රී ලංකා සිය e-commerce වේදිකාව වන uStore.lk, CBL සමූහය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එලබ තිබෙනවා.
මෙමගින් පාරිභෝගිකයින්ට ලබා ගත හැකි නිෂ්පාදන පරාසය පුළුල් වන අතර ඉන් විශාල ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා.
UStore.lk හි විකුණුම් පුළුල් කරමින් එහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව තුළ FMCG සාප්පු සවාරි අත්දැකීම වඩාත් පහසු කිරීම සඳහා e-commerce වේදිකාව හරහා ඔවුන්ගේ මෙහෙයුම් දියත් කෙරණු ඇති.
2019 දී ප්‍රථම වරට දියත් කරන ලද uStore.lk මගින් දිවයින පුරා පාරිභෝගිකයින් විසින් භාණ්ඩ මිලදී ගැනීමට පහසු වේදිකාවක් ලෙස පිළිගැනීමට පාත්‍ර වුණා.
මන්ද යත් එය ඔවුන්ගේ නිවෙස්වල ආරක්ෂාව, සුවපහසුව සහ පහසුව සඳහා නිෂ්පාදන සෘජුවම මිලදී ගැනීමේ පහසුව ලබා දෙන බැවින්.
ඒ හේතුවෙන් උපායමාර්ගික හවුල්කාරිත්වයකට එලබ ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් පහසු ලෙස ජනතාවට සමීප කිරීමට අවස්ථාව හිමිවනවා.
රසකැවිලි, කුළුබඩු, ධාන්‍ය වර්ග, පොල් කිරි සහ ධාන්‍ය ඇතුළු CBL සුප්‍රසිද්ධ සන්නාම 7 කින් නිෂ්පාදන 80 කට අධික ප්‍රමාණයක් එකතු කිරීමත් සමඟ, uStore.lk සාප්පු හිමියන්ට දැන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට නොමිලේ භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියව පවතිනවා.
මෙහිදී නිෂ්පාදන 300 කට අධික ප්‍රමාණයක් පාරිබෝගිකයින්ට ලබාගැනීමට හැකියාව පවතිනවා.
අද වනවිට ඔන්ලයින් සාප්පු සවාරි යන්නන් වෙන කවරදාකටත් වඩා පළපුරුදු සහ දැනුමක් ඇති අය වන අතර, විවිධ කාණ්ඩවලින් සහ විවිධ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ අවශ්‍යතා, මිලදී ගැනීමට පුරුදුව සිටිනවා.
කෙසේ වෙතත් ඒ සියල්ල අබිබවමින් CBL නිෂ්පාදන 2023 ජූනි 16 වැනි දින සිට uStore.lk වෙතින් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථව සලසා දී තිබෙනවා.
යුනිලීවර් ශ්‍රී ලංකා, වසර 85ක් තිස්සේ මෙරට ගැඹුරින් මුල් බැස ගෙන ඇති සුප්‍රසිද්ධ ව්‍යාපාරය සන්නමයක් වන අතර, සැබෑ උසස් ජීවන රටාවක් සදහා ලාංකිකයන්ට ගුණාත්මක බැවින් වැඩි සේවාවක් ලබාදීම ඔවුන්ගේ අරමුණයි.
මෙම සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වේගයෙන් ඉදිරියට ගමන් කරන පාරිභෝගික භාණ්ඩ නිපදවීමේ සමාගමක් වන අතර එහි නිෂ්පාදනවලින් 96%ක් දේශීයව නිෂ්පාදනය කිරීම කැපී පෙනෙනවා.