බොර තෙල් මිල තවත් අඩුවෙලා

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩුවී තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අද (19) බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී ඇති බවයි.

ඔපෙක් සාමාජිකයින් පසුගියදා ලෝක වෙළෙඳපොළට බොර තෙල් සැපයුම අඩුකළ අතර ඒ හේතුවෙන් බොර තෙල් මිල ඉහල ගියා.

නමුත් චීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ලෝක වෙළෙඳපොළ ට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් බොර තෙල් මිල අඩුවී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.83 දක්වාද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 71.02ක් දක්වාද අඩුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles