ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළට

ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලය දැනුම් දෙන්නේ මේ අනුව ලබන මස සිට ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට නියමිත බවයි.

මේ වන විට ලොතරැයි පතක් අලෙවි වන්නේ රුපියල් 20ක මිලකටයි.

මිල දෙගුණයකින් ඉහළ දැමීම සමඟ ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදලද ඊට සමඟාමීව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවද එම මණ්ඩලය සඳහන් කරනවා.

කෙසේ වෙතත් මිල ඉහළ නැංවීම ලබන ජුලි මස 06 වනදා සිට සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද ඒ සම්බන්ධව යළි සලකා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ මිල වැඩි වීම බලාත්මක වන දිනය සම්බන්ධයෙන් මෙම සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles