කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P ශ්‍රී ලංකා 20 දර්ශකය ගණනය කිරීමෙහිලා යොදා ගන්නා සමාගම් ලැයිස්තුවේ වෙනසක් අද (19) දින සිට සිදුකර තිබෙනවා..
මෙහිදී මෙතෙක් මෙම ලැයිස්තුවේ වූ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි, ටී ජේ ලංකා සහ වටවල ප්ලාන්ටේෂන් යන සමාගම් අදාළ ගණනය කිරීම්වලින් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට හැටන් නැෂනල් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම් ඇතුළත් කර තිබේ.
S&P ශ්‍රී ලංකා 20 දර්ශකය සඳහා අදාළ වන කොටස් සමුහයන් (නිෂ්ඡන්ද කොටස් ද ඇතුළුව) පහත පරිදි දැක්වේ.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නාවූ වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් මෙම දර්ශකය ගණනය කිරීමට භාවිත කරනු ලබනවා.
මෙම සමාගම් 20 චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය (Float-adjusted market capitalization) මහින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15%ක උපරිමයකට යටත් කිරීම හරහා ආයෝජන කළඹෙහි විවිධාංගීකරණය තව දුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙන්.
S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර්ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත් වලට අනුව යමින් නිර්මාණය වී ඇත. මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර්මාණය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර්ගීකරණයට ලක්කෙරෙනවා.
මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබන ක්‍රමවේදයක්
S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල්මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ. වැඩි විස්තර හා සම්පුර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය සඳහා www.spindices.com වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකියි.