කර්මාන්ත දිනයට සමගාමීව එකලස් කළ රථ වාහන පෙළපාළියක්

කර්මාන්ත දිනයට සමගාමීව මෙරටදී එකලස් කරමින් නිෂ්පාදනය කරන ලද රථ වාහන ප්‍රදර්ශනය කිරීමේ පෙළපාළියක් ඊයේ (21) දින ගාලුමුවදොරදි ගමන් ආරම්භ කරමින් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කළා.

මෙම අවස්ථාවට රමේෂ් පතිරණ ලසන්ත අලගියවන්න ප්‍රසන්න රණවීර චාමර සම්පත් දසනායක සිරිපාල ගම්ලත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ද සහභාගි වුණා.

එහිදී විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ යතුරු පැදි යුධ හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද යුධ හමුදා රථ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල රථ වාහන වගේම vega සමාගමට අයත් මෝටර් රථ මෙම පෙළපාලියට එක් කර තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවට මෝටර් රථ ධාවන සූරී ඩිලන්ත මාලගමුව මහතා විසින් පෙළපාලිය ආරම්භ කිරීමේ සංඥාව ලබා දුන්නා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles