හිරු රෙනෝ ද සිල්වා කොටස් වෙළඳපොළේ ලොකුම සමාගමේ කොටස් මිලදී ගනී

හිරු මාධ්‍ය ජලයේ හිමිකරු රෙනෝ ද සිල්වා මහතා කොටස් වෙළඳපොලේ පෙරමුණේ රැඳී සිටින එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 06ක් රුපියල් මිලියන 800ක මුදලකට මිලදීගෙන තිබෙනවා.

එක්ස්පෝලංකා කොටස් මිලියන 6.3 ක් රුපියල් මිලියන 848.4 කට එහිදී ගනුදෙනු වී ඇති අතර, එය ඊයේ(22) කොළඹ කොටස් හුවමාරුවෙන් එය සියයට 44 ක් වනවා.

එයින් කොටස් මිලියන 06ක්, කොටසක් රුපියල් 132.75 බැගින් රෙනෝ ද සිල්වා මහතා මිලදී ගෙන ඇති බවටයි වර්තා වන්නේ.

කොටස්වෙලදපොළ විශ්ලේෂකයින් පවසන්නේ රෙනෝ ද සිල්වා සතුව මීට පෙර එක්ස්පෝ කොටස් මිලියන 04 ක් තිබූ අතර ඊයේ මිලදී ගැනීමත් සමඟ ඔහු සතු කොටස් ප්‍රමාණය මිලියන 10 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සම්පත් බැංකුවේ තුන්වන විශාලතම පෞද්ගලික කොටස්හිමියා ලෙස ඔහු විසින් රුපියල් බිලියන 2කට සියයට 3ක කොටස් ලබා ගනිමින් ඔහුගේ කොටස් සියයට 9.4 දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබෙනවා.

රෙනෝ ද සිල්වා මහතා පසුගිය සතියේ සම්පත් බැංකුවේ 3% ක කොටස් රුපියල් බිලියන 02 ක් මිලදී ගත්තේ ඔහු සතු බැංකුවේ කොටස් ප්‍රමාණය 9.4% දක්වා අත්කරගනිමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles