අද වන විට ලෝක වෙළෙඳ පොල හැකිලෙන තත්වයක් ඇති වී තිබෙන බැවින් පවතින තත්ත්වය තුළ හැසිරීම මිස ඊට දැනෙන බලපෑමක් කිරීමට අපට හැකියාවක් නැතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
“අද වන විට ලෝක වෙළෙඳ පොල හැකිලෙන තත්වයක් ඇති වී තිබෙනවා. අපි කැමති වුනත්, අපි කැමති වුනේ නැතත් ලෝක වෙළෙඳ පොල තත්වය අපට හසුරුවන්න බැහැ. අපි පවතින තත්වය තුල හැසිරෙනවා විනා ලෝක වෙළෙඳ පොලට දැනෙන බලපෑමක් කරන්න අපට බැහැ. ඒ නිසා මේ අභියෝගාත්මක අවස්ථාවේ ආර්ථික යථාර්තයන් පිළිබඳව ආර්ථික දෘෂ්ටියෙන් කල්පනා කර ඒ සඳහා ආර්ථිකමය විසඳුම් ලබාගැනීම වෙනුවෙන් එකතුවී වැඩ කිරීමේ අවශ්‍යතාවය තමයි අපි දකින්නේ සහ අපි දැකිය යුත්තේ. ඒ සඳහා අපට ආඩම්බර විය හැකි කර්මාන්ත කරුවන් පිරිසක් සිටිනවා” යැයි ආමත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.
ඔහු මේ බව පැවසුවේ ජුනි 22 සිට ජුනි 28 දක්වා ප්‍රකාශයට පත් කරන ලද ජාතික කර්මාන්ත සතිය තුල ක්‍රියාත්මක කරන “2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසන් දිනය වන අද (25) දින ඊට සහභාගි වෙමින්.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එය ආරම්භ කෙරුණා.
කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව මෙය සංවිධානය කර තිබුණා.
කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හදුන්වාදීම, නවෝත්පාදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම, දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන් යන සියඑදෙනා ඒකරාශී කර ගැනීම, නව කර්මාන්ත වලට විශාල අවකාශයක් නිර්මාණය කර ගැනීම සහ නව ව්‍යවසායකයින් බිහි කිරීම අරමුණු කරගනිමින් මෙම ජාතික ප්‍රදර්ශණය සංවිධානය කර තිබුණා.