ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට අද (29) මුදල් පිළිබඳව කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.
මේ අනුව අද (29) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්වෙනු ඇති.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රැස්වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වුණා.
මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයක් ලබන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අතර රැස්වීමක් ඊයේ (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණි.
එම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින් එක්ව සිටි බවයි වාර්තා වාර්තා වන්නේ.