සංචාරකයින්ගේ පැමිණීම තවත් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ සංචාරකයින් 608489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

මේ මස තුළ මෙරටට සංචාරකයින් 84003 දෙනෙකු පැමිණ තිබෙනවා.

ඉන් වැඩි ගණනක් ඉන්දීය ජාතිකයින් වන අතර එම ගණන 22388ක්.

තවද රුසියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මානිය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් එම කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් 2022 වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 719978ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles