ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත ඊයේ (28) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
ගුවන් මඟීන් 301 දෙනෙක් සමඟ A 330 – 300 එයාර් බස් වර්ගයේ ගුවන් යානය ඊයේ (28) රාත්‍රී 8.20ට පමණ ගුවන්තොටුපොලෙන් පිටත්ව ගොස් තිබු බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 2යි විනාඩි 25ක පමණ කාලයකට පසු යානය නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
ගුවන්තොටුපොළේ ප්‍රකාශකයෙක් කියා සිටියේ මෙහිදී කිසිඳු මඟීයෙකුට හෝ කාර්යය මණ්ඩලයේ කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බවයි.
කෙසේ වෙතත් පසුව ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමුකිරීමට පියවර ගත් බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.