Phoenix නවතම ශාඛාව දැන් බත්තරමුල්ලේ

නිවසට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිල දී ගැනීමට ඔබට පහසුකම් සපයන Phoenix සමාගම එහි නවතම ශාඛාව පසුගියදා බත්තරමුල්ල නගරයේදී විවෘත කළා.

මෙම ශාඛාව විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ කොළඹ, බත්තරමුල්ල, මාලඹේ, පැලවත්ත සහ තලවතුගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක් සහිත Phoenix නිෂ්පාදන මිල දී ගැනීමට පහසු ප්‍රවේශයක් සැළසීමයි.

නව ශාඛාව අද්විතීය අත්දැකීම් සහිත මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර පාරිභෝගිකයන්ට ආකර්ශනීය සාප්පු සවාරි අත්දැකීමක් ලැබීමට ඉඩ සළසනවා.එහිදී පුළුල් පරාසයකින් යුතු නිෂ්පාදන රැසක් අතරින් සිය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව හිමිව තිබෙනවා.

නවෝත්පාදන, ගුණාත්මකභාවය සහ කාලීන නිර්මාණ සඳහා Phoenix සමාගමේ කැපවීම පිළිබිඹු වන ආකාරයෙන් බත්තරමුල්ල නගර ශාඛාව සැළසුම් කර තිබීම සුවිශේෂත්වයකි. පාරිභෝගිකයන්ට ඔවුන්ගේ නිවස පාරාදීසයක් බවට පරිවර්තනය කර ගත හැකි ආකාරයේ ගෘහ භාණ්ඩ සහ නිවසට අවශ්‍ය වෙනත් භාණ්ඩ සහ උපකරණ මෙන්ම කාර්යාලයීය උපකරණ විශාල එකතුවකින් මෙම ශාඛාව සමන්විත යි.

මෙම නවතම ශාඛාව විවෘත කිරීම තුළින් නිවසට අවශ්‍ය භාණ්ඩ සපයන්නන් අතර Phoenix හිමි කර ගෙන ඇති ප්‍රමුඛ ස්ථානය වඩාත් තහවුරු කර ගැනීම සමාගමේ අරමුණයි. විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන සැපයීම හරහා සෑම පාරිභෝගිකයෙකුම තෘප්තිමත් කිරීමට Phoenix සමාගම ඇප කැප වී සිටී. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන පාරිභෝගිකයන්ගේ ජීවිතවල කොටසක් බවට පත් වන ආකාරයේ නිෂ්පාදන බිහි කිරීමට මෙය මහඟු පිටිවහලක් වනු ඇති බව Phoenix සමාගමේ විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles