ලොතරැයි මිල ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ජූලි 6 වැනිදා සිට ලොතරැයියක නව මිල රු 40ක්.

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය මුලුල්ලේ පැවති කෝවිඩ් 10 ලෝක වසංගත තත්ත්වය හමුවේ ඇති වූ ආර්ථික අවපාතයේ පීඩනය, රට තුල පැවති ඩොලර් අර්බුදය හා සමාජ, ආර්ථීක, අර්බුදකාරී තත්ත්වයන් හමුවේ රටෙහි ව්‍යාපාර දැඩි අවධානමකට ලක් වූ අතර, එමඟින් බොහෝ ව්‍යාපාර අඩාල වූ බවයි.

මේ හේතුවෙන් ඩොලර් අර්බුදය ශ්‍රී ලංකාවේ කර්මාන්ත පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක් පැනනැගුණු හෙයින් එම කාලය තුල නිෂ්පාදනයන් අඩාල වී රටෙහි ආර්ථිකය බිද වැටීම මෙයට බලපෑ ප්‍රධානම සිදුවීමක් බවට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles