කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ජුනි මාසයේ දී සියයට 12.0 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
2023 මැයි මාසයේ එම අගය සියයට 25.2ක් ලෙස සටහන් වුණේ.
එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ පැවති සියයට 21.5 හි සිට 2023 ජූනි මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගොස් තිබෙනවා.
ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ පැවති සියයට 27.0 හි සිට 2023 ජූනි මාසයේ දී සියයට 16.2 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.