මත්පැන් මිල ඉහළට

මත්පැන් මිල ගණන් අද (01) සිට ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව සියලුම වර්ගවලට අයත් මිලිලීටර් 750 මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ බියර් වර්ගවල මිල ද රුපියල් 50කින් ඉහළ දමා ඇති බවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles