Air China යළි ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

චීන ගුවන් සේවයක් වන “Air China” යළි ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය මෙරටට පැමිණ තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් මෙම චීන ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදුකළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණා.

ඊයේ (03) යළි පැමිණි ප්‍රථම ගුවන් යානය සඳහා A320 එයාර් බස් වර්ගයේ ගුවන් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම චීන ගුවන් සේවයේ CCA – 425 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 08.20ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානයෙන් මඟීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ සිටියා.

” Air China” ගුවන් සේවය සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.

එම ගුවන් යානය යළිත් එදිනම රාත්‍රී 10.15ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිතව ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles