ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ඩිජිටල් වෙළෙඳ සමුළුව අමතමින්.
මෙයින් ශ්‍රී ලංකාව ඩිජිටල් වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් බවට පත්කළ හැකි බවද ඔහු සඳහන් කරනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව ඇති බව පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග හමුවේ පෙන්වා දී ඇති බවයි.