ගලදාරී හෝටලයේ දැවැන්ත පරිවර්තනයක් |නමත් වෙනස් වෙයි

මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.

මෙම ගිවිසුම්ගත වීම සඳහා පසුගිය (06) වැනිදා පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී සිය කොටස්කරුවන්ගේ අනුමැතිය හිමිවූ බව ගලදාරී හෝටලය දැනුම් දෙනවා.

මෙම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමකට ලක්වන අතර “RADISSON BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරනු ඇති.

මේ බව දැනුම් දෙමින් ගලදාරී හෝටේල්ස් (ලංකා) පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles