ශ්‍රී ලාංකීය ශිෂ්‍යයින්ට විදෙස් රටවල උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩසටහනක්

එංගලන්තය , ඕස්ට්‍රේලියාව , කැනඩාව , නවසීලන්තය සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල තුල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකීය ශිෂ්‍යයින්ට අවස්ථාව ලබාදීමේ විශේෂ වැඩසටහනක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුනා.

International Centre of Foreign Studies හෙවත් ICFS ආයතනය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට සහභාගී වූ ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා, පැය දෙකක් වැනි කෙටි කාලයක් තුල සිය විශ්ව විද්‍යාල ප්‍රවේශය නිල වශයෙන් ලබා ගැනීමට මෙහිදී විශේෂ පහසුකමක් සලසා තිබීම විශේෂත්වයක්.

සාමාන්‍යා ක්‍රමවේදය තුල එංගලන්තය , ඕස්ට්‍රේලියාව , කැනඩාව , නවසීලන්තය වැනි රටක පිලිගත් විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීම සදහා නීත්‍යානුකූල ප්‍රවේශය ලබා ගැනීම, සති කිහිපයක් ගතවන ඉතා බැරෑරුම් කර්තව්‍යයක් වන අතර , එම සියලු නීත්‍යානුකූල අවසර ලබා දීම් පැය දෙකක් වැනි කෙටි කාලයක් තුල ලබා දීමේ විශේෂ පහසුකමක් ඊයේ සලසා තිබුනා.

ඒ සදහා අදාල සියළුම රටවල ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාල කිහිපයක් නියෝජනය කරමින් , නියෝජිතවරුන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය වෙත ඊයේ පැමින සිටියා.

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී ශුනක් මහතා විසින් එරට ආගමන විගමන නීතී සංශෝධනය කිරීමට පසුගිය මාසයේදී ක්‍රියාකල අතර , බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලැබීම සදහා අපේක්ෂාවෙන් සිටි මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉන් දැඩි බලපෑම් එල්ල වුනා.
ඒ අනුව ආගමන විගමන නීති සංශෝධනයට පෙර , බ්‍රිතාන්‍යය තුල තම අධ්‍යාපන අවස්ථාව තහවුරුකර ගැනීම වෙනුවෙන් සීමීත කාලයක් හිමිව තිබූ සියළුම සිසුන්ට ඊයේ දිනය තුල තම සිහිනය සැබෑ කරගැනීමට පුළුල් අවස්ථාවක් උදා වුනා.

මේ සදහා විශාල පිරිසක් ඊයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පිරිශ්‍රය වෙත පැමින සිටි අතර , ඊයේ ලියාපදිංචිය තහවුරු කරගත් ශිෂ්‍යයින්ට අමතරව ඒ සදහා නිෂ්චිත ප්‍රවේශයක් ලබාගත් සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද එලෙබෙන සැප්තැම්බර් මාසයේදී තම පවුලේ සාමාජිකයින් ද සමග බ්‍රිතාන්‍යයට යෑමේ අවසන් අවස්ථාව උදාවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles