සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්‍රදානය කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් තුලින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්ක වලින් බිහි වූ සුපිරි ජයමල්ල ඇතුළුව රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයින් කිහිපදෙනෙකු සඳහා වෙක්පත් ප්‍රදානය 2023.07.13 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී සිදු කෙරුණා.

ඒ එහි සභාපති අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සුපිරි ජයමල්ල දිනු ජයග්‍රාහකයින් පහත පරිදි වේ.

  1. ශනිදා (2023.07.03) 4299 වන වාරයේ සුපිරි ජයමල්ල රු.31,866,372,00
  2. කප්රුක (2023.07.08) 1319 වන වාරයේ සුපිරි ජයමල්ල රු.10,000,000.00
  3. ලග්න වාසනාව (2023,06.08) 3825 වන වාරයේ සුපිරි ජයමල්ල රු.6,746,869.60
  4. ලග්න වාසනාව ( 2023.06.21) 3838 වන වාරයේ සුපිරි ජයමල්ල රු.4,360,930.80
  5. ලග්න වාසනාව ( 2023.06.29) 3846 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,611,507.00
  6. ලග්න වාසනාව (2023.06.23) 3840 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,206,346.20
  7. ලග්න වාසනාව (2023.06.25) 3842 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,198,314,00

මිට අමතරව මිලියනයේ ජයමල්ල දිනූ ජයග්‍රාහකයින් සඳහාද හිමි ත්‍යාග මුදල ලබාදීමද සිදුකෙරුණා.

අද කෝටිපති ලොතරැයියෙන් රු. ලක්ෂ 10 ජයග්‍රාහකයින් 08 දෙනෙක්, කප්රුක ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 10 යේ ජයග්‍රාහකයින් 08 දෙනෙක් , ශනිදා ලොතරැයියෙන් රු. ලක්ෂ 10 ජයග්‍රාහකයින් 06 දෙනෙක්, සුපර් බෝල් ලක්ෂ 10 ජයග්‍රාහකයින් 04 ක්, ජයෝදා ලක්ෂ 10 ජයග්‍රාහකයින් 01 ක්ද බිහිකර තිබෙනවා.

ඔවුන් හට අදාළ චෙක්පත් ප්‍රධානය සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී සිදු කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles