2023 වසරේ පළමු මාස 6ට ලැබූ බදු ආදායම මෙන්න

2023 ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස 06ක කාල සීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස්කරන ලද මුළු බදු ආදායම ගැන වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මුළු බදු ආදායම රුපියල් මිලියන 696946ක් වන බවයි වාර්තා වන්නේ.

2022 වර්ෂයේ පළමු අර්ධ වාර්ෂිකයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද රුපියල් මිලියන 361832 සමඟ සැසදීමේ දී 2023 වර්ෂයේ රුපියල් 696946ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එය පළමු අර්ධ වාර්ෂිකයට සාපේක්ෂව 93%ක වර්ධනයක් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles