TikTok වෙනස්වෙයි

සමාජ ජාල අතර ඇතිවී ඇති දැඩි තියුණු තරගය හේතුවෙන් එම සමාජ ජාල හිමිකරුවන් නිතරම නැවුම් වෙනස්කම් කරමින් සිය ග්‍රාහකයින් රඳවා ගැනීමට උතසාහ කරනවා.

TikTok සම්බන්ධයෙන් සියලුදෙනාම දන්නේ එය වීඩියෝ පළකිරීම සඳහා නිමවා ඇති මෙවලමක් ලෙසි.

නමුත් ෆේස්බුක් ත්‍රෙඩ්ස් සහ ට්විටර් X සමාජ ජාලවලට අභියෝගයක් එල්ල කළ හැකි අලුත් වෙනසක් සිදුකිරීමට TikTok හිමිකරුවන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වැකි පළ කිරීමට හැකිවන ලෙස TikTok සඳහා නව වෙනසක් සිදුකර ඇති බව එම මෙවලම හිමි චීන සමාගම පවසනවා.

“එමගින් ග්‍රාහකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා”

ඒ අනුව TikTok ග්‍රාහකයින්ට ටෙක්ස්ට්, වීඩියෝ හෝ ඡායාරූප සිය ගිණුමේ පළ කිරීමේ හැකියාව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles