ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ණය ප්‍රතිකර්ම කටයුතු සාධාරණ ලෙස සිදු කිඉර්ම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන් ලබාදෙන සහාය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා ඊයේ (24) මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ සැලසුම් ද මෙහිදී සාකච්ඡා වූ බවයි.