ඉන්දියානු රුපියල ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කළා.

දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් බව ද එම නිවේදනයේ සඳහන්.

එහෙත් ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම් / පියවීම් කිරීම සඳහා ඉන්දීය රුපියල වලංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බව ද මහ බැංකුව අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණක් බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

සම්පුර්ණ නිවේදනය පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles