කාගිල්ස් සමාගම USAID ශ්‍රී ලංකා බල ශක්ති වැඩසටහන සමග අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාව විදුලි බලයෙන් ධාවනය වන රථවාහන සදහා ඉදිරියට ගෙනයාම සදහා සැලසුම් සැකස ඇති ( E- Mobility ) ප්‍රයත්නයට සහාය දැක්වීම සදහා කාගිල්ස් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයෙහි (USAID) ශ්‍රී ලංකා බල ශක්ති වැඩසටහන එක්ව කොළඹ නගරයේ කාගිල්ස් වෙළඳසැල් පිහිටි ස්ථානයන්හි විද්‍යුත් වාහන (Electric Vehicles) ආරෝපිත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා මූල්‍ය ප්‍රධාන ගිවිසුමක් අත්සන් කළා.

ලංකාවේ විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන කාගිල්ස් ඔස්සේ විද්‍යුත් ත්‍රීරෝද රථ, යතුරුපැදි සදහා නියමු ව්‍යාපෘතියක් ලෙස පුනර්ජනනීය බලශක්තියෙන් ආරෝපිත මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා මෙම ප්‍රදානය පිරිනැමෙනවා.

මෙම නව්‍ය සහ කාලීන ආරම්භය මගින් කාගිල්ස් වෙතින් ප්‍රජාව උදෙසා පිරිනමනු ලබන සේවා තවදුරටත් ඉහළ යනු ඇති.

මෙම ව්‍යාපෘතියෙහි පුළුල් පරමාර්ථ අතර මෙරට බලශක්ති අංශයේ ශ්‍රම බලකාය සඳහා කාන්තාවන් සවිබල ගැන්වීමත්, විද්‍යුත් වාහන රැකියා උදෙසා තරුණයන් යොමු කිරීමත් මූලික අරමුණක්.

සිය දේශයට සේවා සැපයීම අරමුණු කරගත් ප්‍රමුඛ පෙලේ සමාගමක් වශයෙන් කාගිල්ස් සිය පාරිභෝගිකයින් සඳහා විවිධ අගයන් නිර්මාණය කරමින් ද දිවයින පුරා විවිධ ප්‍රජාවන් වෙනුවෙන් ආයෝජනය කරමින් ද සිය මෙහෙවර ඉටුකරන අතරම දේශීය නිෂ්පාදකයින් හා ව්‍යවසායකයින් නංවාලීමෙහිලාද අඛණ්ඩ දායකත්වයක් සපයනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles