ශ්‍රී ලංකාවේ ජනතාව පිලිබදව IMF අනුකම්පාවෙන්

වැටුප් අඩුවීම්, ජීවන වියදම ඉහළ යාම ආදී කරුණු හේතු කොට ගෙන ශ්‍රී ලංකා ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතාවන් තමන් අවබෝධ කර ගෙන ඇති බවත් ඒ පිළිබඳව පූර්ණ අනුකම්පාසහගත වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

මොරොක්කෝවේ මරකේෂ් නුවර පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම් අතරවාරයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා මේ බව සදහන් කළා.

ඉන්ධන මිල ඉහළ යාම, විදුලිබල ගාස්තු වැඩිවීම් වැනි කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාව දුෂ්කරතාවයට පත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි සිරිනිවාසන් මහතා මේ බව සදහන් කළේ.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමඟ බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කළ හැකි බවත්, පොදුවේ ගත් කල රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව නිරත වැඩසටහනේ කොටසක් බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

“අපිට තියෙනවා පිරිවැය ප්‍රතිසාධිත මිල නිරූපිත යාන්ත්‍රණයක්. එසේ නොවුවහොත් විදුලිබල අංශය යළිත් අලාභ ලබන තත්ත්වයකට පත්වේවි. නැවත වරක් එය මහජන ගැටළුවක් වෙනවා“, යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා අදහස් දැක්වුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles