2023 වසරේ වඩාත් ගෞරවාන්විත රක්ෂකයා AIA ඉන්ෂුවරන්ස්

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, LMD සඟරාව මඟින් 2023 වසරේ වඩාත් ගෞරවාන්විත ආයතන තේරීම සඳහා පවත්වන ලද සමීක්ෂණයකින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම ලෙස ඇගයීමට පාත්‍රවී ඇති අතර ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත සමාගම් 25 අතරට තේරී පත්වීමටද වරම් ලබා තිබෙනවා.

මෙම ඇගයීමෙන් පිදුම් ලැබීම, දශක 3කට අධික කාලයක් පුරාවට AIA ඉන්ෂුවරන්ස්, සිය සේවාලාභීන් වෙත දක්වන විශ්වාසය, කැපවීම, අවංක බව, වගකිවයුතු බව, විනිවිදභාවය මෙන්ම නිසි සාර්ථකත්වය වෙනුවෙන් නිවැරදි දේ, යහපත් ආකාරයෙන්, හොඳ පිරිසකගේ ආශ්‍රයෙන්, වඩාත් කැපවීමෙන් යුතුව ඉටු කරමින් ආ ගමන් මඟෙහි ප්‍රතිඵලයක්.

AIA ඉන්ෂුවරන්ස්, 2023 වසර සඳහා වඩාත් ගෞරවාන්විත රක්ෂකයා වශයෙන් තේරී පත්වීම මඟින් ඔවුන්ගේ වටිනා සේවාලාභීන් මෙන්ම ඔවුන් හා සම්බන්ධ සියලුම සහකරුවන් AIA මත තබා ඇති නොසැලෙන විශ්වාසය එයින් පිළිබිඹු වන බව සඳහන් කරනවා.

එමෙන්ම මෙම ඇගයීම ඔස්සේ ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම්හිදී මානව සම්පතට සහ සේවාලාභීන්හටදී ඇති ප්‍රමුඛතාවද තවදුරටත් තහවුරුවන බව පවසනවා.

ඔවුන්ගේ ගමන් මඟ තුළ ඔවුන්ට මාර්ගෝපදේශ සපයන්නාවූ විශ්වාසය වන්නේ රක්ෂණය යනු හුදෙක් ඔප්පුවකට සීමා නොවූ ඉන් ඔබ්බට සහ ඉදිරියට ගොස් සේවාලාභීන්ගේ අනාගත සිහින සාක්ෂාත් කර ගැනීමට සහ සිතේ සැනසුම මෙන්ම ඔවුන්ට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ළඟා කර ගැනීමට සහාය වන්නාවූ දෙයක් ලෙසට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම පවසනවා.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ඔවුන් හා කටයුතු කරන්නාවූ සියලු දෙනා වෙනුවෙන් නව්‍යකරණයෙන් සහ විශිෂ්ටත්වයෙන් හෙබි වැඩි වටිනාකම් ළඟාකරදීමට තවදුරටත් කැපව කටයුතු කරනු ඇති බවයි සඳහන් කරන්නේ.

ඒ පිළිබඳ ඔවුන් දැක්වූ අදහස්,

“AIA ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය මහතා කියා සිටියේ, 2023 වසරේ වඩාත් ගෞරවාන්විත රක්ෂකයා ලෙස පිදුම් ලැබීම හුදෙක් ඇගයීමක් පමණක් නොවෙයි. එය අප අපගේ වටිනා සේවාලාභීන් හා සමඟින් ඇති කරගෙන තිබෙන අරුත්බර සබැඳියාවේ ප්‍රතිඵලයයි. රක්ෂණය යනු නිකම්ම නිකම් ගනුදෙනුවක් නොවෙයි. එය ඔබ වඩාත් ආදරය කරන ඔබගේ සමීපතමයන්ගේ මෙන්ම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම රැකවරණය සඳහා වන කැප කිරීමක්. අපගේ අලෙවි ක්‍රියාකාරකම් ජනතාවට ලබාදෙන අත්දැකීම් මත රඳා පවතිනවා. ඒ කියන්නේ රැකවරණය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න වගේම සතුටුදායක ජීවිත ළඟා කර ගැනීමට ඔවුන්ව සවිබල ගැන්වීම වගේ දේවල්. මේ ඇගයීම ඔස්සේ AIA හි අප රක්ෂණය පිළිබඳ ජනතාවගේ අවබෝධය සහ ඒ සඳහා වන ප්‍රවේශය ඇති කරලීම [AIA – INTERNAL] වෙනුවෙන් ඇති කැපවීම මෙන්ම සැමට ප්‍රතිලාභ අත්කර දීම තහවුරු කෙරෙන අතර, තවදුරටත් අපගේ සේවාලාභීන් වෙත අඛණ්ඩව විශිෂ්ට සේවාවක් ලබා දීමට ප්‍රතිඥා දීම සඳහා ද මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”

වසර 35කට අධික කාලයක් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සුරක්ෂිත කරමින්, ආසියාව පුරා වසර 100කට අධික කාලයක් පුරාවට ලද අත්දැකීම් සමුදාය සමඟින්, මෙරට ක්ෂේත්‍රය තුළ ලබාගත් පළපුරුද්දෙන්ද අනූන, රක්ෂණයෙන් ඔබ්බට සහ ඉදිරියට ගිය AIA සැබෑ ලෙසින්ම දේශීය වශයෙන් මුල්බැසගත් ගෝලීය තලයේ සමාගමක් ලෙස සඳහන්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles