අති සුඛෝපභෝගී මගී නෞකාවක් අද දිවයිනට

ජර්මනියේ Aida Cruises සමාගමට අයත් M.V. Aida Bella අතිසුඛෝපභෝගී මගී නෞකාව අද (09) කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතයි.

මගීන් 1,900 ක් සහ 730 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ශ්‍රී ලංකාවට සපැමිණෙන මෙම මගී නෞකාව සඳහා මෙරට සියලු සත්කාරකත්වයන් සංවිධානය කරනු ලබන්නේ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් ෂිපිං ලිමිටඩ් විසින්.

තට්ටු 13 කින් යුතු මෙම මගී නෞකාව අමුත්තන්ගේ කාමර 1,025 කින් සමන්විත වන අතර, මගීන් 2,500කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 750කට පහසුකම් සැලසීමට එහි ශක්‍යතාව පවතිනවා.

මීට අමතරව, සාමාජශාලා සහ 12ක්, අවන්හල් 7 ක්, පිහිනුම් තටාක 8ක් එය සතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles