ඒෂියන් බෑන්කර් සඟරාවේ මව් සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබෙනවා.
ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම්වල දෙවන ප්‍රබලතම ශ්‍රී ලාංකේය බැංකුවට වඩා ස්ථාන 265ක් ඉහළින් කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබීම විශේෂත්වයක්.
කොමර්ෂල් බැංකුව තැන්පතු, ලාභය, පිරිවැය, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය, ද්‍රවශීලතා ආවරණ අනුපාතය, ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය, ගාස්තු, සංචිත, ණය සහ වත්කම් මගින් ලැබුණු ප්‍රතිලාභ සඳහා ඉහළ ලකුණු ලබා ගැනීම නිසාවෙන් බැංකුවට 5.53ක සමස්ත ශක්ති අගයක් ලබාදී තිබෙනවා.
ඩොංයිං බැංකුව (චීනය), ෆෙඩරල් බැංකුව (ඉන්දියාව), ඉන්වෙස්ටෙක් බැංකුව (දකුණු අප්‍රිකාව), අල්ෆලා බැංකුව (පාකිස්තානය), RCBC බැංකුව (පිලිපීනය), හා BNP පරිබා බැංකුව (පෝලන්තය), කොමර්ෂල් බැංකුව සමඟ ශක්ති දර්ශකයේ එම අගයම සහිතව ශ්‍රේණිගත කර තිබෙනවා.