ශ්‍රී ලංකන් ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපළ තුළ Self-check-in සහ Self-bag-drop සේවාවන් හඳුන්වාදීමට ඊයේ (14) පියවර ගෙන තිබුණා.
මෙම ස්වයං – සේවාවන් භාවිතා කරන මගීන්ට වඩාත් ඉක්මනින් Check-in කටයුතු නිමවා විගමන අංශය වෙත ගමන් කළ හැකි නිසා, කාර්යබහුල අවස්ථාවන් වලදී ඇතිවීමට ඉඩ ඇති තදබදය මඟ හරිනු ලබනවා.
මෙහිදී අදාළ මූලික කටයුතු කඩිනමින් අවසන් කර ගුවන් තොටු පළේ පිටත්වීමේ පර්යන්තයේ පිහිටා ඇති Self-bag – drop ස්ථානය වෙන ගමන් මලු භාරදිය හැකි අතර, විශේෂයෙන්ම නිතර ගුවන් ගමන්වල යෙදෙන මගීන්ට මෙය ඉමහත් පහසුවක් බව සඳහන් වනවා.
Flight check-in ක්‍රියාවලිය, ආසන තෝරා ගැනීම සහ Boarding pass හා bag tags මුද්‍රණය කර ගැනීම ඇතුළු සමස්ත Check – in ක්‍රියාවලිය මෙම ස්වයං – සේවා ස්ථානවලදී සිදු කළ හැකි වනවා.
මෙම ක්‍රියාවලියෙන් අනතුරුව අනතුරුව Self – bag- drop ස්ථානයට තම ගමන් මලු භාරදී, විගමන කටයුතු නිමවා ඔවුන්ට සෘජුවම ගුවන් යානයට පිවිසෙන දොරටුව වෙත ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.
එහිදී අදහස් දැක්වූ ගුවන් තොටුපළ සහ බිම් මෙහෙයුම් සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකරු දීපාල් පල්ලෙගංගොඩ මහතා,
“කටුනායක බණ්ඩාර නායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් සේවාවන් සඳහා බිම් මෙහෙයුම් සිදුකරන නිල සමාගම වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය මසකට මගීන් 550,000 ක් සහ ඔවුන්ගේ ගමන් මලු හැසිර වීම සිදු කරනවා. මෙම නව ස්වයං – සේවාවන් හඳුන්වා දීම, ගුවන් තොටුපළේ කටයුතු වඩාත් පහසු කිරීමේ උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම, ගුවන් තොටුපළ භාවිතා කරන මගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන පසු බිමක් තුළ වඩාත් කාර්යක්ෂම ලෙස Check – in සේවාවන් කළමනාකරණය කිරීමට අවස්ථාව සලසා දෙන පියවරක්ද වනවා.”
මේ ආකාරයට Self-check-in සහ Self-bag – drop සේවාවන් හඳුන්වා දීම ශ්‍රී ලංකන් ගුවන් සේවය අනුගමනය කරන පුළුල් ඩිජිටල්කරණ ක්‍රමෝපායේ එක් පියවරක් මෙන්ම, ගුවන් ගමන් කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර වශයෙන් දියත් කර ඇති IATA Fast Travel වැඩසටහනට සමගාමී පියවරක් ලෙසද හැඳින්වීමට හැකියා තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රී ලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ සමූහ ප්‍රධානී චාමර පෙරේරා මහතා,
” ගුවන් මගීන්ට ලැබෙන පහසුව නව මානයකට රැගෙන යමින් ගුවන් තොටුපළ තුළ මෙවැනි සේවාවන් ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පියාසර කරන මගීන්ට Check- in පෝලිම්වල රැඳී නොසිට ඉක්මනින් තම කටයුතු අවසන් කර ගැනීමට අවස්ථාව සලසා දෙන අතරම, රටේ ගුවන් තොටුපළවල් ඩිජිටල් කරණය කිරීමේ සැලසුම් වල වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්වීමට පුළුවන් රටේ ජාතික ගුවන් සේවය වශයෙන්, නවීන තාක්ෂණය ඔස්සේ මගීන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් සලසා දෙන මෙම ව්‍යාපෘතිය සඳහා පෙරමුණ ගැනීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා.”
මේ ආකාරයට නවීන තාක්ෂණය ඔස්සේ මගීන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය නිරන්තරයෙන් කැපවී සිටින බවත්, Facial Recognition තාක්ෂණය, e-boarding gates ක්‍රමවේදයක්, සහ Virtual හා Augmented Reality තාක්ෂණයන් ඇතුළු අංග රැසක් සහිත Smart Channel ක්‍රම වේදයක් ක්‍රියාවට නැංවීම ඇතුළු පියවර රැසක් මීට ඇතුළත් බවත්, සඳහන් වනවා.