සෘජු විදෙස් ආයෝජන 2023දී ඩොලර් බිලියන 1.5ක්

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ආකර්ෂණය කොට ගෙන ඇති අතර ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජනවනවා.

2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ඉහල නංවා ගැනිමට සමත්ව ඇති බව සඳහන්.

මෙහිදී වඩාත් කැපී පෙනෙන සාධකය වන්නේ පෙර වසරට සාපේක්ෂව විදේශ ආයෝජන ව්‍යාපෘති අත්පත් කර ගැනීම 122%ක වර්ධනයක් අත් කර ගැනීම වන අතර නමුත් පසුගිය වසරට සාපේක්ෂව දේශීය ආයෝජනයන්හි මන්දගාමීත්වයක් පෙන්නුම් කරනවා.

මේ වසරේ මෙරට බලශක්ති කේෂ්ත්‍රයේ දිශානතිය නව මගකට යොමු කරවන නව ව්‍යාපෘති කිහිපයකට අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හැකිවී තිබෙනවා.

බලශක්ති ක්ෂෙත්‍රයේ ආයෝජනයේ ඉහළ වටිනාකම ඇති Adani Corporation, Sinopec, RM Parks – (Shell සමග) වැනි ආයෝජන ව්‍යාපෘති ඉදිරියේදී මෙරට බලශක්ති අංශයේ කැපී වෙනසට ලක් කරනු ඇති බව සඳහන්.

මීට අමතරව සංචාරක,තොරතුරු තාක්ෂණ, සන්නිවේදන,සහ නිෂ්පාදන යන කේෂ්‍ත්‍රවලද කැපි පෙනෙන ආයෝජනයන් දක්නට ලැබෙන බවද වාර්තාවනවා.

චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, හොංකොං, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ප්‍රංශය, කොරියාව, ජර්මනිය සහ සිංගප්පූරුව වැනි රටවල් 2023 මෙම කාල සීමාව තුළ ආයෝජනය කරන රටවල්වනවා.

මෙම අදහස් පළ වූයේ අද (24) කොළඹ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවති මෙම වසරේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාවට නැංවූ ආයෝජකයින් ඇගැයීම වෙනුවෙන් පැවැති වැඩසටහනකදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන්, අධ්‍යක්ෂ රංජිත් ධර්මසිරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධක්ෂිකා ගංඟා පලකැටිය යන මහත්ම මහත්මීන්ද සහභාගිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles